එංගලන්ත පළමු පෙළ එක්දින තරගාවලිය වෙන රෝයල් ලන්ඩන් කුසලාන එක්දින තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ජයගැනීමට ශ්රී ලංකාවේ කුමාර් සංගක්කාර නියෝජනය කරන සරේ කණ්ඩායම ඊයේ (28දා) සමත්වූයේය.
ඒ යෝක්ෂයර් කණ්ඩායමට ලකුණු 19කින් පරාජය කරමිනි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සරේ කණ්ඩායම ලකුණු 255ක් රැස්කිරීමට සමත්වූ අතර එයට පිළිතුරු ලෙස යෝක්ෂයර් කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 236ක් පමණි.
සරේ කණ්ඩායමට ක්රීඩා කරන කුමාර් සංගක්කාරට මෙම තරගයේදී රැස්කළ හැකි වූයේ ලකුණු 4ක් පමණි. ශ්රී ලංකාවේ මහේල ජයවර්ධන නියෝජනය කරන සමර්සෙට් කණ්ඩායම හා වෝවික්ෂයර් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය අද පැවැත්වෙයි. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම හා සරේ කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහ තරගය සැප්තැම්බර් 17 දා පැවැත්වීමට නියමිතය.
.jpg)
.jpg)