ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව කුමාර් සංගක්කාර ජාත්‍යන්තර පිටියට සමුදීමට නියමිතය.
ඉන්දීය තරගාවලියේ දෙවැනි තරගය පි. සරා පිටියේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් අද නිවේදනය කළේය.
ඒ අනුව සංගාගේ සමුගැනීමේ තරගය පී. සරා පිටියේ පැවැත්වෙන තරගය වෙනු ඇත.
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයට තරග තුනක් ඇතුළත් අතර තරගාවලිය අගෝස්තු 12දා ගාල්ලේ පැවැත්වෙන තරගාවගයෙන් ආරම්භවන අතර අගෝස්තු 28 එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන තරගයෙන් තරගාවලිය අවසන් වෙයි.