රෝයල් ලන්ඩන් කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකාවේ කුමාර් සංගක්කාර නියෝජනය කරනු ලබන සරේ කණ්ඩායම හා කෙන්ට් ප්රාන්ත කණ්ඩායම අතර ඊයේ (05දා) පැවැති තරගයෙන් සංගා නියෝජනය කරන සරේ කණ්ඩායම එක් කඩුල්ලක පරාජයක් ලැබීය.
මුලින්ම පන්දුවට පහරදුන් සරේ කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු අටකට ලකුණු 255ක් රැස්කිරීමට සමත්විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුමාර් සංගක්කාර ලකුණු 58ක් රැස්කළේ හතරේ පහර හතරක් හා එක් හයේ පහරක් සමගිනි.
ලකුණු 256ක ජයග්රාහි ඉලක්කයක් හඹාගිය කෙන්ට් කණ්ඩායම තරගයේ 49 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී සිය ඉලක්කයක සපුරා ගත්තේ කඩුලු 9ක් වැය කරමිනි.
ආරම්භක පිතිකරු ඩැනියෙල් බෙල් හතරේ පහර පහක් සමගින් ලකුණු 56ක් රැස්කළේය.