ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම දවාගැනීම් ප්‍රමාණයකට දායක වූ කඩුලු රකින්නා ලෙස කුමාර් සංගක්කාර ඉතිහාසයට එක්විය.
ඒ ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී දවාගැනීම් දෙකකට සහභාගිවි සිය සමස්ථ දවාගැනීම් ප්‍රමාණය 54 දක්වා ඉහළ නංවා ගනිමිනි.
සංගා තරග 36කදී එම දක්ෂතාව දක්වා තිබෙන අතර ඔහුට පසුව සිටින ඔස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් තරග 31කදි දමාගැනීම් 52කට සහභාගීවී තිබේ.
එසේම එක්දින තරග 403කදී දවාගැනිම් 482කට සංගා දායකත්වය ලබාදී ඇතිඅතර එය එක්දින පිටියේ ඉහළම දවාගැනීම් ප්‍රමාණයද වෙයි.