එළැඹෙන වසරේ පැවැත්වෙන එංගලන්ත පළමු පෙළ තරගාවලියේදී එංගලන්තයේ සරේ කණ්ඩායම සිය විදෙස් ක්රීඩකයා ලෙස කුමාර් සංගක්කාර බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් තිබෙන බව ඩේලි මේල් පුවත්පත් සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් සරේ කණ්ඩායම වෙනුවෙන් නැවත වරක් ගිවිසුම්ගත වීමේ අදහසින් සිටින කෙවින් පීටර්සන්ට එම අවස්ථාව අහිමිවෙනු ඇති බවත් ඩේලි මේල් පුවත් සේවය කියයි.