එංගලන්ත පළමු පෙළ එක්දින තරගාවලිය වන රෝයල් ලන්ඩන් කුසලාන එක්දින තරගාවලිය යටතේ සරේ කණ්ඩායම හා ග්ලැමෝගන් කණ්ඩායම අතර ඊයේ (30දා) පැවැති තරගයෙන් සරේ කණ්ඩායම කඩුලු 8ක ජයක් ලැබීය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ග්ලැමෝගන් කණ්ඩායම පන්දුවාර 48.3කදී සියලු දෙනා දැවී ලකුණු 239ක් වාර්තා කිරීමට සමත්විය.
අයහපත් කාලගුණය හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව සරේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දුවාර 29කදී ලකුණු 182ක ඉලක්කයක් හිමිවිය. එම ඉලක්කය කඩුලු දෙකක් පමණක් වැයකර පන්දුවාර 24කදී පසුකර යෑමට සරේ කණ්ඩායම සමත්විය.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර පන්දු 69කදී ලකුණු 81ක් නොදැවී රැස්කළේ හතරේ පහර 11ක් සමගිනි. ඔහු මාක් ස්ටොනොමෙන් හා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 125ක සබඳතාවක්ද පැවැත්වීය.