සංගා- මහේල නැති කණ්ඩායමක් හිතාගන්නත් බෑ - සචින්
දශක දෙකකට ආසන්න කාලයක් කිසිදු ගෙවීමකින් හෝ බලකිරීමකින් තොරව ශ්‍රී ලාංකේය ක්‍රීඩාලෝලීන්ගේ හදවත්හි ස්ථිර කොටස්කරුවන් දෙදෙනෙකු වී සිටි කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්ද අද (18දා) සමුගත්හ. විටෙක තරග දිනවන්නන් දෙදෙනෙකු ලෙසද, තවත් විටෙක මගපෙන්වන්නන් දෙදෙනෙකු ලෙසද ක්‍රිකට් ක්‍රීඩාවට අතිවිශිෂ්ට සේවාවක් ඔවුන් දෙදෙනා යළි එක්දින පිටියේදී ක්‍රීඩාකරනු ක්‍රීඩාලෝලීන්ට දැකගැනීමට නොහැකි වනු ඇත.
එම විශිෂ්ටයන් දෙදෙනාගේ සමුගැනීම වෙනුවෙන් සුපිරි පිතිකරු මෙන්ම හිටපු ඉන්දීය නායක සචින් තෙන්ඩුල්කාර් හා ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ අදහස් දක්වා සිටියේ මෙලෙසිනි.
සංගා- මහේල නැති කණ්ඩායමක් ගැන හිතාගන්නත් බෑ
- සචින් තේන්ඩුල්කාර්
සංගක්කාර හෝ මහේල නොමැති ශ්‍රී ලංකා කණ්ඩායමක් ගැන සිතාගත නොහැකියි. කුමාර් සංගක්කාරට හා මහේල ජයවර්ධනට සුබ පතමින් සහ ඔවුන් දෙදෙනා අගයමින් සචින් සිය සමාජ ජාල ගිණුමෙහි සචින් මෙසේ අදහස් දක්වා ඇත.
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වසර ගණනාවක් ඔබ දෙදෙනා කළ සේවය තේජාන්විතයි. නමුත් ඔබ දෙදෙනා නොමැති කණ්ඩායමක් ගැන හිතාගන්න අමාරුයි යනුවෙන් ඔහු එහි සඳහන් කර ඇත.
අනුස්මරණීය තරගයක් බවට පත්කිරීමට නොහැකිවීම ගැන කනගාටුයි
- ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්
හොඳම දේ වෙන්න තිබුණේ අපි අවසන් තරගයට යාමයි. නමුත් එය සිදුවුණේ නෑ. සංගා - මහේල වෙනුවෙන් මෙය අනුස්මරණීය තරගයක් බවට පත්කිරීමට නොහැකිවීමට ගැන කනගාටුයි. අවුරුදු 16 -17ක පමණ ඔවුන්ගේ සේවා කාලයට ස්තුතියි යනුවෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

