ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර පළමු පෙළ තරග සඳහාත් සමුදීමට තීරණය කර තිබේ. මේ වන විට ජාත්‍යන්තර විස්සයි20, එක්දිනය හා ටෙස්ට් තරගවලට සමුදී ඇති සංගා එංගලන්තයේ සරේ කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා කරමින් සිටියි.
ඒ අනුව 39 වැනි වියේ පසුවන සංගා මේ තරග වාරයෙන් පසුව පළමු පෙළ පිටියෙන් සමුගැනීමටත් තීරණය කර තිබේ.
සරේ කණ්ඩායම හා මිඩ්ල්සෙක්ස් කණ්ඩායම හා ලොඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් අනතුරුව සංගා සිය විශ්‍රාම ගැනීම ප්‍රකාශ කළ අතර එම තරගයේදී ඔහු ඉනිම දෙකේදීම ශතක දෙකක් වාර්තා කිරීමට සමත්විය. එංගලන්තයේ පළමු පෙළ තරග සඳහා වෝවික්ෂයර්, ඩර්හැම් යන කණ්ඩායම් නියෝජනය කරමින් තරගවැදීමටත් සංගා සමත්විය.
එසේම ඔහු පළමු පෙළ තරගවලදී ලකුණු 20000 සීමාව පසුකළ පළමු ශ්‍රී ලංකා පිතිකරු බවටත් පත්විය.