කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්ව අද තරගයේදී නතර කිරීමට ඉන්දීය කණ්ඩායම අවස්ථා තිබෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කා සඳහන් කරයි.
ඔහු පවසන්නේ ගේල්ව මෙල්ල කිරීමට ඉන්දීය නායකයා ජස්ප්‍රිට් බුම්රා හා රවිචන්ද්‍රන් අශ්වින් යොදාගනු ඇති බවයි.
ගේල් සාමාන්‍යයෙන් වමත් පන්දු යවන්නන්ට එරෙහිව තරමක් අසීරුවෙන් ක්‍රීඩා කරන බව පෙන්වා දෙන සංගා වමතින් වේගපන්දු යවන ඉන්දියාවේ අශිෂ් නෙහෙරා තරගාවලිය පුරා හොඳින් ක්‍රීඩා කර තිබෙන බවද සඳහන් කරයි.
සංගාගේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කරන ඉන්දීය හිටපු නායක සුනිල් ගවස්කාර් පවසන්නේ ගේල්ට ඇති අත්දැකීම් අනුව ඔහු බුම්රාට හා අශ්වින්ට එරෙහිව හොඳින් ක්‍රීඩා කරනු ඇති බවයි.
එසේම ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව කෙටි කාලීන සැලසුමකින් ඔහු පිටියට එනු ඇති බවත් ගවස්කාර් පවසයි.