එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලියේ සරේ කණ්ඩායම හා නොටින්හැම්ෂයර් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ ඉනිමක පරාජයෙන් බේරීම සඳහා සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින සරේ කණ්ඩායම ඊයේ (11දා) දෙවැනි දිනයට තරගය නිමා කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 14ක් රැස්කරගෙන සිටියේය.
තරගයේ මුලින්ස පන්දුවට පහරදුන් නොටින්හැම්ෂයර් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 446ක් රැස්කරනු ලැබුවේය. එයට පිළිතුරු ලෙස සරේ කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 225ක් පමණි. සංගා ලකුණු 32ට දැවී ගියේය.