සිය එක්දින දිවියේ 23 වැනි ශතකය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර දැන් සමත්වුණා. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදීයි.
පන්දු 70කින් ඔහු ශතකය රැස්කළ අතර එය ඔහුගේ වේගවත්ම එක්දින ශතකයද වෙනවා. මීට පෙර තරගයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේ පන්දු 74කදී ශතකයක් රැස්කිරීමට සමත්වීම ඔහුගේ වේගවත්ම ශතකය වුණා.