ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටිනා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවැනි කඩුල්ල මීට සුළු මොහොතකට පෙර දැවි ගියේය. එහිදී ලකුණු 116 ක් ලබා සිටි ෂෝන් මාෂ් දවා ගැනිමට සුරංග ලක්මාල් සමත් විය.
පන්දුව කඩුල්ලේ වැදිමෙන් මාෂ් දැවී ගිය අතර ඔහු ස්ටීවන් ස්මිත් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහ ලකුණු 246 ක සබඳතාවක් පැවැත්වීමට සමත් විය. මෙය මෙම තරගාවලියේ මේ දක්වා පිතිකරුවන් දෙදෙනෙකු අතර වාර්තා වූ වැඩිම ලකුණු සඛ්‍යාවද වේ.
එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගයක දෙවැනි විකට්ටුව වෙනුවෙන් පිහිටවූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද මෙය වාර්තා අතරට එක් විය. ඔස්ට්‍රෙලියාව මේ වන විට පන්දුවාර 84 ක් අවසනදී කඩුළු 2 ක් දැවී ලකුණු 275 ක් ලබා සිටියි.