ශෙසාඩ් ශ්‍රී ලංකා තරගාවලියට එන හැඩ
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අහමඩ් ශෙසාඩ් ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා එක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ඉදිරියේදී නම් කිරීමට නියමිත පාකිස්තානු සංචිතයේ ස්ථානයක් ශෙසාඩ් සඳහා වෙන්වනු ඇති බවයි. එසේ වුවහොත් 23 හැවිරිදි ශෙසාඩ් පාකිස්තානු ටෙස්ට් සංචිතය සඳහා එක් වන්නේ මාස 07 කට පසුවය.
කෙසේ වෙතත් පසුගිය සමයේ ශෙසාඩ්ගේ විනය සම්බන්ධයෙන් කීපවිටකදීම ගැටලු මතුවිය. එහිදී ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට ආගමික හේතු මත බැණවැදීම කැපීපෙනුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාකිස්තානු තේරීම් කමිටු ප්‍රධානී හරූන් රෂීඩ් පවසන්නේ, පසුගිය (2014) වර්ෂයේදී පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරගවලදී හොඳම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ශෙසාඩ් බවත් ඔහුගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කනගාටු වන බවත්ය. පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකාව තරග සංචාරය මේ මස 17 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ආරම්භ වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

