(VIDEO) ඔලිම්පික් තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගන්නා ප්රධානමතම ඉසව්වක් වෙන මීටර් 100 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකාවේ එලීන් තොම්ප්සන් සමත්වුවාය.
ඒ ඊයේ පැවැති මීටර් 100 කාන්තා ඉසව්ව ඇය ජයගනිමිනි. බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් 2008 බීජින් ඔලිම්පික් තරගාවලියේ මෙන්ම 2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 කාන්තා ඉසව්ව ජයගත් ජැමෙයිකාවේම ෂෙලී ඈන් ෆ්රේෂර් ප්රයිස්ට මෙහිදී හිමිවූයේ තෙවැනි ස්ථානයයි.
රියෝ තරගයේ දෙවැනි ස්ථානය ඇමෙරිකාවේ ටොරී බෝවි විසින් දිනාගත්තාය. එලීන් තරගය නිමා කිරීමට ගත කළ කාලය තත්පර 10.71කි.