ඉන්දියන් ප්‍රිමියර් ලීග තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව සුපිර නළු ශාරුක් ඛාන්ගේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අහිමි වී ගියේය. ඒ තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට පවැති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හමුවේ ලකුණු 22කින් පරාජයවීමත් සමගිනි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 162ක් රැස්කළේ කඩුලු 8කටය. ලකුණු 163ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි කොල්කටා කණ්ඩායමට කඩුලු 8කට ලබාගත හැකිවූයේ ලකුණු 140ක් පමණි.
තරගය ජයගත් සන්රයිසස් කණ්ඩායම හා පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් පරාජය වූ ගුජරාට් ලයන්ස් කණ්ඩායම අතර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (27දා) දිල්ලිහි පැවැත්වීමට නියමිතය.
මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර අවසන් මහ තරගය 29දා පැවැත්වීමට නියමිතය.