ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ශාමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව විනිසුරන් පැමිණිලි කර ඇති බව වාර්තාවෙනවා.
මේ පිළිබඳව වාර්තාවක් තරගයේ නිලධාරින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාදී තිබෙනවා. ඒ අනුව ශාමින්දට දින 14ක් ඇතුළත අයි.සී.සී. අනුමත විද්‍යාගාරයක ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයකට පෙනී සිටීමට සිදුවෙනවා.
එම පරික්ෂණයේ වාර්තාව ලැබෙන තෙක් එරංගට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමට අවස්ථාව හිමිවෙයි.