හදවතේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක ශාමින්ද එරංග එංගලන්තයේ රෝහලකට ඇතුළත් කොට ඇති බව වාර්තා වෙනවා. ඔහුගේ හෘද ස්ඵන්දය වැඩිවීම හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇති බවද ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අතර එංගලන්තය හා පැවැති ටෙස්ට් තරගාවලියේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පැන නැගුන අතර අංශක 15 නීතිය ඔහු උල්ලංඝනය කරන බවට චෝදනා එල්ල වී තිබේ.