ශ්රී ලංකා පාසල් රග්බි සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන සිංගර් 20 න් පහළ අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලියේකුසලාන වටයේ පැවැති තරගයකින් මරදාන සහිරා විදුහල පරදා ලකුණු 43-16 ක ජයක් හිමි කරගැනීමට බම්බලපිටිය ශා.පීතර විදුහල සමත් විය.
මරදාන සහිරා විදුහල් ක්රීඩාංගණයේදී ඊ්ය (13) පැවැති තරගයේ පළමු අර්ධය නිමා වූයේ 12- 09 ක් ලෙසින් ශා.පීතර විදුහල ඉදිරියෙන් සිටිමිනි.
ජයග්රාහී ශා.පීතර ක්රීඩකයෝ ගෝල දිනුම් 04 ක් හා උත්සාහක දිනුම් 03 ක් මගින්ද, සහිරා විදුහල ගෝල දිනුමක් හා දඬුවම් පහර තුනක් මගින්ද සිය ලකුණු රැස් කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය