ශා.ජෝශප් කුළුඳුල් ජනාධිපති කුසලානය දිනයි
නොකඩවා දෙවැනි වරටත් ජනාධිපති කුසලානය ඉසිපතන විදුහලට ලබාගැනීමට තිබූ අවස්ථාව මගහරමින් සිය කුළුඳුල් ජනාධිපති කුසලානය හිමි කර ගැනීමට මරදාන ශා.ජෝශප් විදුහල සමත් විය. මෙවර මයිලෝ ජනධිපති කුසලානයේ (20 න් පහළ) කොළඹ තුරඟ තරග පිටියේදී විදුලි ආලෝකය මධ්යෙයේ පැවති අවසන් මහා තරගයේදී ශා. ජෝශප් විදුහල විසින් ඉසිපතන විදුහල පරාජයට පත් කලේ ලකුණු 19-13 ක් ලෙසිනි.
තරගයේ පළමු අර්ධයේදි දෙපිළම ආක්රමණශීලී ක්රීඩා විලාශයක නිරත වූ අතර ඒ අනුව පළමු අර්ධය නිමා වුයේ ලකුණු 08-05 ක් ලෙස ශා.ජෝශප් ඉදිරියෙන් සිටිමිනි.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී ඉසිපතන ක්රීඩකයින්ගේ ක්රීඩා රටාව පාලනය කිරීමට ශා.ජෝශප් ක්රීඩකයින් සමත් වූ අතර සමස්ථ තරගය පුරා ඔවුන් උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහර තුනක් ආධාරයෙන් සිය ලකුණු රැස් කළ අතර උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහරක් ආධාරයෙන් ඉසිපතන විදුහල සිය ලකුණු රැස් කළහ.
ශා.ජෝශප් විදුහල ජනාධිපති කුසලානයක අවසන් තරගයට සුදුසුකම් හිමි කර ගත් පළමු අවස්ථාවද මෙය වේ.
ඉසිපතන විදුහල අනුශූරතා කුසලානය ලබා ගනිමින්
ජයග්රාහී ශා.ජෝශප් විදුහල් කණ්ඩායම
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

