ශ්රී ලංකාවේ ලෝක කුසලාන බලාපොරොත්තු බිඳවැටෙයි
2015 වර්ෂයේ පෘතුගාලයේදී පැවැත්වෙන කනිෂ්ඨ රග්බි ලෝක කුසලානය සඳහා වන ආසියානු කලාපයේ සුදුස්සන් තෝරාගැනීමේ රග්බි තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ තරගාවලියේ තමන් සහභාගි වූ දෙවැනි තරගයේ චීන තායිපේ කණ්ඩායම ලකුණු 31-06 ක් ලෙස පරාජය කරමිනි.
නමුත් ශ්රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නොහැකිවූ අතර, මුහුණදුන් තරග තුනම ජයගත් හොංකොං කණ්ඩායම පමණක් ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබාගත්හ. කෙසේ නමුත් ශ්රී ලංකාව අනුශූරයන්වූ හෙයින් එළැඹෙන 2015 වර්ෂයේදීද මෙම තරගාවලියේදී පළමු කාණ්ඩයෙන් (Division I) තරග කිරීමට සිය ස්ථානය රැකගැනීමට සමත්විය.
ශුරතාවය දිනාගත් හොංකොං කණ්ඩායම
අනුශුරතාවය දිනාගත් ශ්රි ලංකා කණ්ඩායම
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

