ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (21දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පාකිස්තානු කණ්ඩායම හමුවේ කඩුලු 10 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 92 ක පහසු ඉලක්කය එක් කඩුල්ලක හෝ නොදැවී පසුකරයාමට පාකිස්තානු පිතිකරුවෝ සමත්වූහ. ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණගැනීමට ඔවුන්ට හැකිවිය.
අද දිනය ආරම්භකරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 63ක් රැස් කරගෙන සිටියහ. කෙසේ නමුත් දිනයේ පළමු පන්දුවාරයේදී පළමු පන්දුවෙන්ම මුරකරු පිතිකරු ලෙස ඊයේ (20දා) පිටියට පිවිසි ඩිල්රුවන් පෙරේරා දවාගැනීමට යසීර් ශා සමත්විය. එම දැවීයාමත් සමග යසීර්ගේ පීඩනාත්මක පන්දුයැවීම ඉදිරියේ කඩාවැටෙන ඉනිම ගොඩගැනීමට කිසිදු පිතිකරුවෙකුට නොහැකි වූ අතර, මුළු ලකුණු 206 ක් වනවිට ශ්‍රී ලංකා ඉනිම අවසන් විය. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට ලකුණු 90 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය. මෙම ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න (79) පන්දුවට පහරදීමෙන් දක්ෂතා ඇති වූ අතර, පාකිස්තාන කණ්ඩායම යසීර් ෂා (7/76) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය.
පාකිස්තානු නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 300 ක් රැක්කිරීමට සමත්වූ අතර, ඊට පිළිතුරු ලෙස පාකිස්තානු කණ්ඩායම තම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 417 ක් රැස්කිරීමට සමත්විය. කෙසේ නමුත් නැවත තම දෙවැනි ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට එවර සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 206 ක් පමණි. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට ලකුණු 90 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම 300/10 (පන්දුවාර 109.3)
කෞෂාල් සිල්වා 125 (පන්දු 300, 4x16), කුමාර් සංගක්කාර 50 (පන්දු 106, 4x2, 6x1), දිනේෂ් චන්දිමාල් 23 (පන්දු 59, 4x4), දිමුත් කරුණාරත්න 21 (පන්දු 42, 4x1), ඇන්ජලෝ මැතිව්ස් 19 (පන්දු 40, 4x1, 6x1), වහබ් රියාස්3/74 (පන්දුවාර 26), සුල්ෆිකර් බාබර් 3/64 (පන්දුවාර 27), යසිර් ශා 2/79 (පන්දුවාර 30.3), මොහොමඩ් හෆීස් 2/40 (පන්දුවාර 10)
පාකිස්තානය පළමු ඉනිම 417/10 (පන්දුවාර 113.1)
අසාද් ශාෆික් 131 (පන්දු 253, 4x5), සෆ්රාස් අහමඩ් 96 (පන්දු 86, 4x13)
සුල්ෆිකර් බාබර් 56 (පන්දු 60, 4x6, 6x2), යුනිස් ඛාන් 47 (පන්දු 79, 4x6, 6x1)
යසිර් ශාහ් 23 (පන්දු 29, 4x4), ඩිල්රුවන් පෙරේරා 4/122 (පන්දුවාර 31.1)
ධම්මික ප්‍රසාද් 3/91 (පන්දුවාර 24), නුවන් ප්‍රදීප් 2/71 (පන්දුවාර 19)
රංගන හේරත් 1/99 (පන්දුවාර 30)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 206/10 (පන්දුවාර 77.1)
දිමුත් කරුණාරත්න 79 (පන්දු 173, 4x10), ළහිරු තිරිමාන්න 44 (පන්දු 95, 4x4), දිනේෂ් චන්දිමාල් 38 (පන්දු 73, 4x4), යසීර් ශා 7/76 (පන්දුවාර 30.1)
වහබ් රියාස් 2/42 (පන්දුවාර 16),සුල්ෆිකර් බාබර් 1/31 (පන්දුවාර 14)
පාකිස්තානය දෙවැනි ඉනිම 92/0 (පන්දුවාර 11.2)
මොහොමඩ් හෆීස් 46* (පන්දු 33, 4x6, 6x1), අහමඩ් ශෙසාද් 43* (පන්දු 35, 4x6)
ඡායාරූප - ශාන්ත රත්නායක