සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජයකර මීර්පුර්හිදී අද (22දා) පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු හයක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව 3-0 තරගාවලි ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
ශ්‍රි ලංකා නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 240/8 රැස්කිරීමට සමත්විය. එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.3 වැනි පන්දුවේදී එම ඉලක්කය පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඇන්ජලෝ මැතිව්ස් හයේ පහරක් එල්ල කර ලකුණු 246/4 රැස්කර ජයග්‍රහණය සම්පූර්ණ කළේය.
මෙම තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය මංගල එක්දින ශතකයද වාර්තා කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරා සමත් විය. තරගයේ වීරයා ලෙස කුසල් පෙරේරාත් තරගාවලියේ වීරයා ලෙස සචිත්ර සේනානායකත් සම්මන ලැබීය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට අවතීර්ණ වූයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිසිවෙකුත් නොමැතිවය.
සංගා, මහේල හා ඩිල්ෂාන් නොමැතිව වසර 15කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට ක්‍රීඩා කළේය. ලසිත් මාලිංගද මෙම තරගයේදී විවේක ගන්වා තිබුණි.