ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිඩ්නි ක්‍රිකට් පිටියේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුනු 64ක සටන්කාමී පරාජයක් හිමිවිය.
ඔස්ට්‍රේලියා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 377 ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.2කදී සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස්කරනු ලැබීය.
අගනා ඉනිමක් ක්‍රීඩාකළ කුමාර් සංගක්කාර සිය එක්දින දිවියේ 24 වැනි ශතකය වාර්තා කරනු ලැබීය.
එසේම ඔහු අඛණ්ඩව තරග තුනකදී ශතක රැස්කළ අතර ලෝක කුසලාන තරගාවලියේදී එැවැනි දක්ෂතාවක් දැක්වූ එකම හා පළමු ක්‍රීඩකයාද සංගා වෙයි.
තිලකරත්න ඩිල්ෂාන් සංගාට අගනා සහායක් ලබාදුන් අතර 6 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් වේගවත් අර්ධ ශතකයක් රැස්කරනු ලැබීය.
ඔහු ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වීම ශ්‍රී ලංකා ඉනිමේ අවසානය විය.
සිය මංගල ශතකය රැස්කළ ග්ලේන් මැක්ස්වෙල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)