දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (30දා) මුහුණදුන් පළමු තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර කඩුලු 07ක ජයක් ලැබීමට සමත් විය. මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි දී පැවැත්වේ.
ශ්‍රී ලංකා නායක චන්දන සූරියආරච්චිගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 40 අවසානයේ ලකුණු 233/9 රැස්කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ 25.1 වැනි පන්දුවාරයේ දී එම ඉලක්කය පසුකර යාමට සමත් විය. මෙම තරගය පසුගිය 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පිල් හියුස්ගේ අභාවය හේතුවෙන් එදින නොපැවැත්විණි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම වසරේදී ශ්‍රී ලංකාවේ සිදුකළ තරග සංචාරයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තරග 4-0 ක පරාජයක් අත්විඳීමට සිදුවිය.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාවට අමතරව මෙම තරගාවලියට බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය සමගින් සත්කාරක දකුණු අප්‍රිකාව තරගාවලියට සහභාගී වේ. සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී සියලුම කණ්ඩායම් සමගම තරග වැදිය යුතු අතර, ඉන් පළමු ස්ථාන හතර අතරට පැමිණෙන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (01දා) ඉන්දියාව සමගින් තරග වැදීමට නියමිතය.
ඔස්ට්‍රේලියාව 233/9 (පන්දුවාර 40)
ස්ටීවන් ප්පාමෙර් 59, බ්රැට් විල්සන් 52, රෙයිමන් මොක්ස්ලි 29, ලින්ඩ්සේ හේවන් 25, මාර්ක් හැස්කෙට් 20
ශ්‍රී ලංකාව පන්දු යැවීම
කේ.ජී. උපුල් සංජීව 3/46 (පන්දුවාර 7.4), චන්දන සූරියආරච්චි 2/56 (පන්දුවාර 7), ජේ.පී. දිමුතු රවින්ද්‍ර 1/39 (පන්දුවාර 4.9)
ශ්‍රී ලංකාව 234/3 (පන්දුවාර 25.1)
ඊ.පී. සමන් කුමාර 92, බී.එල්. රුවන් වසන්ත 67, චන්දන දේශප්‍රිය 22, චන්දන කුමාර 07
ඔස්ට්‍රේලියා පන්දු යැවීම
මැතිව් මැක්කාර්ති 2/36 (පන්දුවාර 3), ලින්ඩ්සේ හේවන් 1/22 (පන්දුවාර 5.9)
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම