වසර දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ අංක එකේ කණ්ඩායමට බවට ශ්‍රේණිගතකිරීම්හි ඉහළින්ම වැජඹී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ එම අභිමානය අද (10දා) ගිලිහී ගියේය.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (11දා) පැවැති දෙවැනි තරගයද පරාජයවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ශ්‍රේණිගතකිරීම්හි මෙලෙස පහත බැසීමට සිදුවිය. නව ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායම අංක 03 දක්වා පහතට වැටී ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අංක එකටද, ඔස්ට්‍රේලියානු කණ්ඩායම අංක දෙකටද පැමිණ ඇත.
කෙසේ නමුත් මෙම කණ්ඩායම් තුනම 118 බැගින් සම ප්‍රසාද ලකුණු හිමිකරගෙන සිටියි. දෙරට අතර ඉකුත් බ්‍රහස්පතින්දා (08දා) පැවැති පළමු විස්සයි20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුවද, ඔවුන්ට අංක එක රැකගැනීමට හැකිවූ අතර, එම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 121 ක් හිමිව තිබුණි.
නවසීලත්ත කණ්ඩායමට ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට පැමිණීමට නොහැකිවී ඇති අතර, ඔවුන් 07 වැනි ස්ථානයේදී රැඳී සිටියි. නමුත් 111 සිට 114 දක්වා ප්‍රසාද ලකුණු වැඩිවී ඇත.
විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම