සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ඩුනේඩින්හිදී අද (14දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 122ක ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 – 0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකිවිය.
යුනිවර්සිටි ඕවල් ක්‍රීඩාංගණයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (10දා) ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 431 ක් රැස්කිරීමට සමත්විය. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට තම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 294 ක් පමණි.
නැවතත් තම දෙවැනි ඉනිම ක්‍රීඩාකළ නවසීලන්තය කඩුලු 03 ක් දැවී ලකුණු 267 ක් රැස්කර ඉනිම අත්හිටවූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 405 ක ඉලක්කයක් හිමිවිය. කෙසේ නමුත් තරගයේ පස්වැනි හා අවසන් දිනය වූ අද (14දා) දිනයේ ඔවුන්ට රැස්කිරිමට හැකිවූයේ සියල්ලන් දැවී ලකුණු 282 ක් පමණක් වූ අතර, ඒ අනුව ලකුණු 122ක පරාජයක් වැළඳගැනීමට සිදුවිය.
තරගයේ වීරයා ලෙස මාටින් ගප්ටිල් සම්මාන දිනාගත්තේය. දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය 18 – 22 දිනවල හැමිල්ටන්හිදී පැවැත්වීමට නියමිතව ඇත.
නවසීලන්තය පළමු ඉනිම / ශ්‍රී ලංකාව පන්දු යැවීම
ශ්‍රී ලංකාව පළමු ඉනිම / නවසීලන්තය පන්දු යැවීම