ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 52 අවසානයේදී කඩුලු 5ට ලකුණු 294ක් රැස්කරමින් ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 295ක ඉලක්කයක් ලබාදුන්නේය.
ආරම්භක පිතිකරු මාටින් ගප්තිල් විශිෂ්ට ඉනිමක් ක්රීඩා කරමින් ශතකයක් රැස්කරනු ලැබීය. ලකුණු 295ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිස් ශ්රී ලංකා කණඩායම පන්දුවාර හතරක් අවසනායේදී කඩුලු දෙකකට ලකුණු 20ක් රැස්කරගෙන සිටියි. ආරම්භක පිතිරකරු තිලකරත්න ඩිල්ෂාන් () හා උපනායක ළහිරු තිරිමාන්න (2) දැවී ගිය පිතිකරුවෝ වෙති.