ශ්‍රී ලංකාව වැරදිවලින් ඉගෙන ගන්නේ නෑ
ශ්‍රී ලංකා කණ්ඩායම වැරදි තුළින් ඉගෙන ගැනීමට කටයුතු නොකරන බවත් ශ්‍රී ලංකාවේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහට හැකි උපරිමයෙන් සහාය දක්වන බවත් ශ්‍රී ලංකා තාවකාලික පුහුණුකරු නික් පෝතාස් පැවැසීය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඊයේ(17දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
2017 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ එක්දින තරගාවලි 5 ම පරාජයට පත්වූ අතර ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියද 2-1ක් ලෙස පරාජයට පත්විය.
"මම අපේ එක්දින ක්‍රිකට් ගැන ගතා කළොත් අපි වේගයෙන් ඉගෙන ගත්තේ නෑ. ටෙස්ට් තරගවලදී එය ප්‍රතිවිරුද්ධයි. ක්‍රීඩකයන් ඉක්මනින් ඉගෙනගෙන තත්ත්වයන්ට අනුගත වුණා. එක්දින තරගවලදී එකම වරද සිදුවෙමින් පවතිනවා. අපි මාර්ගයන් මාරු වුවත් එකම බසයකින් ගමන් කරමින් සිටිනවා. ඉතින් මම එය නව පුහුණුකරුට හා තේරීම් කමිටුවට බාර කරනවා. මම පැහැදිලිවම මගේ යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”
චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට පෙර පෝතාස්ගේ අවසාන සංචාරය ඉන්දීය තරගාවලියයි.
"මම නත්තල් සැමරීම සඳහා ආපසු හැරී යනවා" යනුවෙන් පෝතාස් සඳහන් කළේය. "ශ්‍රී ලංකාවට පුහුණු කිරීමට ලැබීම විස්මයජනකයි. ක්‍රීඩකයන්ගේ පැත්තෙන් හා මගේ පැත්තෙන් බැලුවත් එය හොඳින් ඉගෙන ගැනීමයි. ඒක හොඳ අවස්ථාවක්. එහි වර්ධනයක් තිබුණා”
"වෙනස් වී නැති දේවල් තිබෙනවා. ඒකට පිළිතුර කුමක්දැයි මම දන්නේ නෑ. හතුරුසිංහත් සමග එකතුවීමට ලැබීම සතුටක්. මම මට පුළුවන් ආකාරයට හතුරුසිංහට සහයෝගය ලබා දෙනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


