ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (12දා) මොහාලි වෙත පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ දිනයේදි කණ්ඩායම මොහාලි වෙත ළඟා වීමට නියමිතව තිබුණත් ධරම්සාලා ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එම ගුවනින් ගමන් කිරිමට නොහැකිවිය.
මාර්ගයෙන් ගමන් කිරීමද ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත් අද දිනයේදී ශ්‍රී ලංකාව මොහාලි වෙත ළඟා වී ඇති අතර හෙට දෙරට අතර දෙවැනි එක්දින තරගය පැවැත්වීමට නියමිතය.