(UPDATE) ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව කඩුලු 4ට ලකුණු 227ක් රැස්කරගෙන සිටියි. නායක දිනේෂ් චන්දිමාල් 60* හා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල 42* නොදැවී පිටියේ රැඳී සිටිති.
දිමුත් කරුණාරත්න ලකුණු 93ක් රැස්කරගෙ සිටියදි දුවද්දී දැවී ගිය අතර ඔහුට අහිමිවූයේ හත්වැනි ටෙස්ට් ශතකයයි.
චන්දිමාල් හා කරුණාරත්න එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක සබඳතාවක් පැවැත්වූයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 61/3ක් ලෙස දිස්වූ විටදී. එම සබඳතාව පැය 4 විනාඩි 40ක කාලයක් පැවැත්වීය.
යසීර් යන ප්‍රධාන දඟ පන්දු යවන්නා හා වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග පාකිස්තානය මෙම තරගයට පිවිසියේය. ශ්‍රී ලංකාව රංගන හේරත්, ලක්ෂාන් සඳකැන් හා ඩිල්රුවන් පෙරේරා යන දග පන්දු යවන්නන් තිදෙනා හා සුරංග ලක්මාල් හා ණුවන් ප්‍රදීප් යන වේග පන්දු යවන්නන් දෙදෙනා සමග ක්‍රීඩා කරයි. පාකිස්තානය මෙහොමඩ් අමීර් හා මොහෝමඩ් අබ්බාස් යන වේග පන්දු යවන්නන් දෙදෙනාද කණ්ඩායමට ඇතුළත් වෙයි.
වේග පන්දු යවන්නන් හේ දග පන්දු යවන්නට යෝග්‍ය නොමැති පිටියේ පළමු අර්ධයේදී කෞෂාල් හා දිමුත් සෙමින් පන්දුවට පහරදෙමින් ක්‍රමයෙන් ඉනිම ගොඩ නංවමින් සිටියත් හසන් විසින් සිල්වා දවා ගැනීමත් සමග එය වෙනස් විය.
ළහිරු තිරිමාන්න හො කුසල් මෙන්ඩිස් දැවී ගිය අයුරු පිළිබඳව ඔවුන්ටම දොස් නැගිය යුතු වෙයි. ඔවුහු යසීර්ගේ පා දග පන්දුව මැනවින් වටහා නොගත්තේය. පසුගිය වසරේ ජුලි මාසයෙන් පසුව ටෙස්ට් තරගයට ක්‍රඩා කළ තිරිමාන්න කඩුල්ල මුවා කිරීමේ වරදටත් කුසල් උඩපන්දුවක් ලබාදීමෙනුත් පිටියෙන් ඉවත්විය.
තිරිමාන්නගේ විකට්ටුව යසීර්ගේ 150වැනි ටෙස්ට් කඩුල්ල විය. ඔහු තරග 27කදී එම සීමාවට පැමිණි අතර වේගයෙන්ම කඩුලු 150 දවාගත් ක්‍රීඩකයන් අතර සම දෙවැනි තැන වකාර් සමග ෂාට හිමිව තිබේ. එහි වාර්තාවට හිමිකම් කියන එංගලන්තයේ සිඩ්නි බාර්න්ස් තරග 24කදී එම කඩයිම පසුකර ගියේය.
ලකුණු 61ට කඩුලු 3ක් දැවී තිබූ ශ්‍රී ලංකා ඉනිම කරුණාරත්න විසින් ගොඩ නැංවීය. එය චන්දිමාල් හා ඩිල්රුවන් පෙරේරා විසින් ඉදිරියට ගෙනියු ඇත. ඔවුන් ලබාගන්නා එක් ලකුණක් පාසා පාකිස්තානයට පීඩනය එල්ල වෙයි.
දිවා ආහාරයට ශ්‍රී ලංකාව 61-3
පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී දිවා ආහාරය වෙනුවෙන් තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනට ලකුණු 61ක් රැස්කරගෙන සිටියි. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 32ක් රැස්කරගෙන සිටියි.
උපනායක ළහිරු තිරිමාන්න ලකුණු නොලබා පිටියෙන් ඉවත්විය. ලකුණු 12ක් ලබාගත් කෞෂාල් සිල්වා අද දිනයේදී සිය ටෙස්ට් ලකුණු 2000 සීමාව පසුකර ගියේය. කුසල් මෙන්ඩිස් ලකුණු 10කට දැවී ගියේය.
ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහරදෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනෙෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2017 වසරේ ජනවාරි මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසුව කෞෂාල් සිල්වා තරගයට කැඳවා ඇති අතර ඔහු හා දිමුත් කරුණාරත්න ඉනිම ඇරඹීය.
ශ්‍රී ලංකා කණ්ඩායම - දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ලක්ෂාන් සඳකැන්, ණුවන් ප්‍රදීප්