සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සිවුවැනි දිනයට නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ට ලකුණු 268ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව බංග්ලාදේශයට වඩා ශ්‍රී ලංකාව ලකුණු 139ක් ඉදිරියෙන් පසුවෙයි.
තරගය ජයපරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට දැඩි සටනක නිරත වෙමින් සිටියි. දිල්රුවන් පෙරේරා ඒ සඳහා සිය උපරිමය කණ්ඩායමට ලබාදෙන අයුරු දක්නට ලැබීය. ඔහු පන්දු 126කට මුහුණ දෙමින් රැස්කරගෙන ඇත්තේ ලකුණු 26ක් පමණි.
සුරංග ලක්මාල් පන්දු 17කට මුහුණ දෙමින් ලකුණු 16ක් රැස්කරගෙන සිටියි. හෙට දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2ක් අවම ලකුණු සංඛ්‍යාවකට බිඳ දමා ගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුවහොත් තරගය ජයග්‍රහණය කිරිමට ඔවුන්ට වැඩි ඉඩක් පවතියි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පන්දු 244ට ලකුණු 126ක් රැස්කිරීමට සමත්වූයේය. අද දිනයේදි ඔහු වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ පස්වැනි ශතකයයි.