ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක රංගන හේරත් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගාවලිය මේ වන විට 1-0ක් ලෙස පෙරමුණේ පසුවෙන්නේ ශ්රී ලංකා කණ්ඩායමයි. මෙම තරගය බංග්ලදේශ කණ්ඩායම ක්රීඩා කරන 100 වැනි ටෙස්ට් තරගයද වෙයි.