සංජීව ධර්මසේන
(කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට)
ඉතිහාසයේ නොවූ විරූ ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබ ශ්‍රී ලංකාව හමුවේ අත්විඳි අවමානයට සැනසිල්ලක් එක්කරගනිමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (21දා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 03ක තියුණු ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
ඒ අනුව ටෙස්ට් තරගාවලියෙන් ගිලිහී ගිය අභිමානය එක්දින තරගාවලියෙන් හෝ පිරිමසා ගැනීමේ ප්‍රබල උත්සාහයක නිතරවෙමින් සිටින ඔස්ට්‍රේලියාවට මෙම ජයග්‍රහණයත් සමග තරග පහකින් යුත් තරගාවලිය, තරග 1 -0ක් ලෙස පෙරමුණ ගැනීමට හැකිවිය.
මෙම තරගය දෙරට අතර පැවැති 92 වැනි එක්දින තරගය වූ අතර, ඉන් ඔස්ට්‍රේලියාව ලැබූ 57 වැනි ජයග්‍රහණය මෙය විය. ශ්‍රී ලංකාව තරග 31කදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ඇති අතර, තරග 04ක් විසඳුමකින් තොරව අවසන් වී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 228ක පහසු ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ තරගයේ 46.5 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය ඉතා අපහසුවෙන් පසුකර යාමට සමත්විය.
කණ්ඩායමට ජයග්‍රාහී මාවත එළිපෙහෙළි කරදුන් නායක ස්ටීවන් ස්මිත් තම 13 වැනි එක්දින අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 58ක් රැස්කිරීමට සමත්විය. ඔහුට අමතරව ඒරන් ෆින්ච් ලකුණු 56ක් රැස්කරමින් ජයග්‍රහණය පහසු කළේය.
වේගපන්දුවට වඩා දඟපන්දුව කෙරෙහි වැඩි විශ්වාසයක් තැබූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේදී දඟපන්දු යවන්නන් පස් දෙනෙකු යොදාගත් ගත් අතර, එයට උපරිම සාධාරණය ඉටුකළ ඔවුන් සමස්ත ඔස්ට්‍රේලියානු පිතිකරණ බලඇණියම ලොමුඩැහැගන්වමින් බිඳවැටුණු කඩුලු සියල්ලේ හිමිකරුවන් විය. මෙහිදී සාර්ථක වූ ඩිල්රුවන් පෙරේරා කඩුලු 03ක් බිඳලීය.
මෙම තරගයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසනදී කඩුලු 08ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 227ක් පමණි. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 228ක ඉලක්කයක් හිමිවිය.
කුසල් ජනිත් සමගින් තිලකරත්න ඩිල්ෂාන් ඉනිම ආරම්භ කළ අතර, කුසල්ගෙන් වෙනදා ලැබෙන ප්‍රහාරාත්මක ආරම්භය මෙම තරගයේදී ශ්‍රී ලංකාවට අහිමි විය. එක් ලකුණක් පමණක් රැස්කරගෙන සිටි කුසල්, මුළු ලකුණු 03ක් වනවිට පළමු පන්දුවාරයේ යොමුකරමින් සිටි මිචෙල් ස්ටාක්ගේ සිවුවැනි පන්දුවෙන්, පන්දුව කඩුල්ලේ වැදීමෙන් ඉවත්ව ගියේය.
ඉන් අනතුරුව එක්වූ කුසල් මෙන්ඩිස් සමගින් ඩිල්ෂාල්, ශ්‍රී ලංකා ඉනිම ලකුණු අතරට රැගෙන ඒමට ප්‍රබල උත්සාහයක් ගත් අතර, මන්දගාමීව ඉනිම ගොඩනැගූ ඔවුන් දෙදෙනාට දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගීමට හැකිවූයේ ලකුණු 42ක සබඳතාවක් පමණි. ඒ සඳහා පන්දු 63ක් වැයකිරීමට සිදුවිය. තම හුරුපුරුදු ඩිල්ස්කූප් පහර එල්ලකිරීමට යාමෙන් ඩිල්ෂාන් මුලු ලකුණු 45දී, මොයිසස් හෙන්ඩ්රිකස්ගේ පන්දුවක් හමුවේ ස්ටීවන් ස්මිත් වෙත උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්ව ගියේය. ඩිල්ෂාන් දැවී යනවිට ලකුණු 22ක් රැස්කරගෙන සිටියේය.
කෙසේ නමුත් ඩිල්ෂාන්ගේ නික්ම යෑමෙන් ඉනිම ඇදවැටෙන්නට ඉඩනොදුන් කුසල්, අංක හතර පිතිකරු ලෙස පිටියට පිවිසි චන්දිමාල් සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 79ක වටිනා සබඳතාවක් ගොඩනැගීමට සමත්විය. තවමත් අත්දැකීම් ලබමින් සිටින කුසල්, පරිණත ක්‍රීඩකයෙකු මෙන් ඉනිම ගොඩනැගීමේ වගකීම කරමතට ගෙන ක්‍රීඩාකරන ආකාරයක් මෙම තරගයේදීද දැකගත හැකිවිය. එහෙත් ලකුණු සොයමින් සිටි කුසල්, ශ්‍රී ලංකාවට ඔහුගේ සේවය අවැසි මොහොතේම ක්‍රීඩාගාරයේ අසුන්ගැන්වීමට ජේම්ස් ෆෝක්නර් සමත්විය. තරගයේ 30 වැනි පන්දුවාරය යොමුකරමින් සිටි ෆෝක්නර්ගේ පළමු පන්දුවෙන්ම ලකුණු 67 ක් රැස්කරගෙන සිටි කුසල්, ට්‍රැවිස් හෙඩ් අතට උඩපන්දුවක් ලබාදී දැවී ගියේය. එක්දින තරග හතකට පමණක් ක්‍රීඩාකර ඇති කුසල් ලබාගත් සිවුවැනි එක්දින අර්ධ ශතකය මෙය විය.
කෙසේ නමුත් ඉන් අනතුරුව එක්වූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ටද වැඩිවේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩනොදුන් ෆෝන්නර්, එම පන්දුවාරයේම පස්වැනි පන්දුවේදීම මැතිව්ස්ගේ ඉනිමටද තිත තැබුවේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කිසිදු දායකවීමක් සිදුකළ නොහැකිවූ මැතිව්ස්, හීට් වෙතට උඩපන්දුවක් ලබාදී ලකුණු නොලබාම තම 148 වැනි එක්දින තරගයට සමුදුන්නේය.
ඒ අනුව දැවන්ත ලකුණු සංඛ්‍යාවක් අපේක්ෂාවෙන් වේගයෙන් ලකුණු අවශ්‍යව තිබූ මොහොතේ ශ්‍රී ලංකා ඉනිමට එක්වන ලකුණු සංඛ්‍යාව තවදුරටත් මන්දගාමී වූ අතර, මුළු ලකුණු 132 ක් වනවිට ධනංජය ද සිල්වා දැවීයාමත් සමග තරගය ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් පාලනය කරන තත්ත්වයට පත්විය.
එහෙත් අන්තය ආරක්ෂාකරගෙන සිටි චන්දිමාල්, මිලින්දව මෙහෙයවමින් 06 වැනි කඩුල්ල ලකුණු 41 ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය. මිලින්දගේ දැවීයාමෙන් පසු එක්වූ තිසර පෙරේරා වේගයෙන් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබුවේය. එහෙත් අපරීක්ෂාකාරී පහරක් එල්ලකිරීමට යෑමෙන් පිටිය මැද සිටිය යුතුම මොහොත් පන්දු 14කදී ලකුණු 21 ක් රැස්කරගෙන සිටි තිසර දැවී ගියේය.
මෙහිදී ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම වෙනුවෙන් තනිව සටනක් දුන් දිනේෂ් චන්දිමාල් තම 20 වැනි එක්දින අර්ධ ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 80 ක් රැස්කිරීමට සමත්විය. මෙය චන්දිමාල් නොකඩවා රැස්කළ පස්වැනි (52, 62, 63, 53, 80) එක්දින අර්ධ ශතකය වීම සුවිශේෂී වේ.
මෙම තරගයේ ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ලකිරීමේ සම්පූර්ණ පාලනය ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් සතු වූ අතර, එහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ජේම්ස් ෆෝක්නර් කඩුලු 04 ක් බිඳලීමට සමත්විය.
ඔහුට අමතරව එක්දින කඩුලු 100 සම්පූර්ණ කිරීමට ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් මෙම තරගයේදී සමත්විය. ඔහු අඩුම තරග සංඛ්‍යාවකදී එම කඩයිම පසුකළ පන්දු යවන්නා ලෙස එක්දින ක්‍රිකට් වාර්තා අතරට එක්විය. ස්ටාක් තරග 52කදී මෙම දක්ෂතාව ප්‍රදර්ශනය