සංචාරක ඔස්ටේලියානු කණ්ඩායම සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු 300 කඩඉම පසු කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය. පන්දුවාර 122 ක් ශ්‍රී ලංකා කණ්ඩායමෙ ඒ වෙනුවෙන් වැය කළ අතර ඔවුන්ගේ කඩුළු 7 ක් බිඳ වැටී ඇත.
දිවා ආහාරයෙන් පසු තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා මිනිත්තු 30 ක් පමණ තරගය අතරමැද නතර කිරීමට විනිසුරුවන්ට සිදු විය.
මේ වන විට ශ්‍රීලංකාව කඩුළු 7 ක් දැවී ලකුණු 311 ක් රැස් කරගෙන සිටින අතර නොදැවී පන්දුවට පහර දෙන දිනේෂ් චන්දිමාල් ලකුණු 110 ක් හා රංගන හේරත් ලකුණු 21 ක් බැගින් රැස් කරගෙන සිටියි.