ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරග දෙකේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ බිඳ වැටුණු කඩුලු 40න් කඩුලු 18ක්ම සිය නම ඉදිරියේ සටහන් කරගත් එංගලන්තයේ ජිමි ඇන්ඩර්සන් දැන් ලෝකයේ අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට පත්ව ඇත.
ඔහුගේ ටෙස්ට් ජීවිතයේ ලෝකයේ අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට පත්වූ පළමු අවස්ථාව මෙය වෙයි. එහි දෙවැනි ස්ථානය ඉන්දියාවේ ආර්. අශ්වින් විසිනුත් තෙවැනි ස්ථානයේ එංගලන්තයේ ස්ටුවර්ට් බ්රෝ්ඩ් විසිනුත් හිමිකර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ රංගන හේරත් 13 වැනි ස්ථානයේ පසුවෙයි.
ටෙස්ට් පිතිකරුවන් තුළ අංක එකේ ස්ථානය ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට හිමිව ඇති අතර ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් අට වැනි ස්ථානයේ පසුවෙයි.