(UPDATE) එංගලන්ත කණ්ඩාය හමුවේ ලකුණු 10ක පරාජයක් ලැබූ වත්මන් විස්සයි20 ලෝක ශූර ශ්රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ අනුව පළමු කාණ්ඩයෙන් කොදෙව්වන් හා එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ශ්රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 171ක් රැස්කරමින් ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 172ක අපහසු ඉලක්කයක් ලබාදුන්නේය.
එංගලන්ත කණ්ඩාම අවසන් පන්දුවාර පහතුළ ලකුණු 72ක් රැස්කිරීමට සමත්විය. වෙගවත් ඉනිමත් දියත් කළ ජොස් බට්ලර් ලකුණු 66ක් නොදැවී රැස් කළේය.
දග පන්දු යවන්නනට හිතකර වූ කොට්ලා පිටියේදි මැතිව්ස් හේරත්, වැන්ඩසේ හා මිලින්ද යොදාගනිමින් යොමු කළේ පන්දුවාර 9ක් පමණි.
ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්රි ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. ණුවන් කුලසේකර වෙනුවට දසුන් ශානක කණ්ඩායමට කැඳවා තිබේ.