තම ජ්‍යෙෂ්ඨතම සගයන් දෙදෙනාවූ කුමාර සංගක්කාරට සහ මහේල ජයවර්ධනට ගෞරවාන්විත සමුගැනීමක් හිමිකර දෙමින් ඊයේ (06දා) පැවැති පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයෙන් අපරාජිත ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු හයක විශිෂ්ටජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.1996 වසරෙන් පසු ලෝක ශූරතා හිඟයකින් පෙළුණුශ්රී ලංකාව 18 වසරකට පසු ලෝක කුසලානයක් ජයගත් පළමු අවස්ථාව මෙයවේ.
ලකුණු 131 පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ 17.5 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය කුමාර් සංගක්කාර පන්දු 35කදී නොදැවී ලකුණු 52 රැස්කිරීමට සමත්වූ අතර, ඒ හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය. ඔහුට අමතරව අනුකම්පා විරහිත පිතිහරඹයක නිතර වෙමින් ඉන්දීය පන්දු යවන්නන් අසරණ කළ තිසර පෙරේරා දැවැන්ත හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 23 රැස්කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ ඇරයුමෙන් පළමු පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 130/4 රැස්කිරීමට සමත්විය.
ඉන්දීය ඉනිමේ එකම ගැලවුම්කාරයා වූ විරාට් කෝලි දෙවැනි කඩුල්ල ලෙස එක්වෙමින් පන්දු 58කදී ලකුණු 77 රැස්කිරීමට සමත්විය. ඔහු ලකුණු 17 රැස්කරගෙන සිටියදී රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ ලසිත් මාලිංග අතට දුන් උඩ පන්දුව ගිලිහී නොයන්නට ඉන්දීය ඉනිම තවදුරටත් අසරණවන්නට ඉඩතිබිණ.
සැලකිය යුතු ඉනිමක් ගොඩනැගීමට යුවරාජ් සිංට නොහැකිවූ අතර, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පීඩනාත්ම පන්දු යැවීම හමුවේ ලකුණු 11කට සීමාවූ යුවරාජ්ගේ ඉනිම ගොඩනැගීම සඳහා ඔහුට පන්දු 21 වැයවිය.
කඩුල්ලක් ලබානොගත්තද,පැසසිය හැකි පන්දු යැවීමකනිරත වූ සචිත්ර සේනානායක සිය පන්දුවාර 4 නිමාකළේ ප්‍රතිවාදීන්ට ලකුණු 22 පමණක් ලබාදෙමිනි.
තරගාවලියේ වීරයා ලෙස විරාට් කෝලි සම්මාන හිමිකරගත් අතර, ඔහු තරග 6කදී ලකුණු 319 රැස්කිරීමට සමත්විය.
මෙම තරගයේදී මහේල රැස්කළ ලකුණු 24 සමගින් ඔහු, විස්සයි20 ලෝක කුසලාන තරගාවලිවලදීලකුණු දහසේ (1024) කඩඉම පසුකිරීමට සමත්වූ අතර, එවැනි දස්කමක් දැක්වූ පළමු පිතිකරුවා ලෙස මහේල වාර්තා අතරට එක්විය.
ඉන්දියාව 130/4 (පන්දුවාර 20)
විරාට් කෝලි 77 (පන්දු 58, 4x5, 5x4)
රෝහිත් ශර්මා 29 (පන්දු 26, 4x3)
යුවරාජ් සිං 11 (පන්දු 21)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
රංගන හේරත් 23/1 (පන්දුවාර 4)
ඇන්ජලෝ මැතිව්ස් 25/1 (පන්දුවාර 4)
නුවන් කුලසේකර 29/1 (පන්දුවාර 4)
කඩුලු වැටීම
4/1 (රහානේ, පන්දුවාර 1.3), 64/2 (රෝහිත්, 10.3), 119/3 (යුවරාජ්, 18.1) 130/4 (කෝලි, 19.6)
ශ්‍රී ලංකාව 132/4 (පන්දුවාර 17.5)
කුමාර් සංගක්කාර නොදැවී 52 (පන්දු 35,4x6, 6x1)
තිසර පෙරේරා නොදැවී 21 (පන්දු 14, 4x1, 6x2)
මහේල ජයවර්ධන 24 (පන්දු 24, 4x4)
තිලකරත්න ඩිල්ශාන් 18 (පන්දු 16, 4x4)
ඉන්දියාව පන්දු යැවීම
මෝහිට් ශර්මා 18/1 (පන්දුවාර 2)
ආර්. අශ්වින් 27/1 (පන්දුවාර 3.5)
අමිත් මිශ්රා 32/1 (පන්දුවාර 4)
සුරේෂ් රයිනා 24/1 (පන්දුවාර 4)
කඩුලු වැටීම
5/1 (කුසල්, පන්දුවාර 1.1), 41/2 (ඩිල්ශාන්, 5.5), 65/3 (මහේල, 9.5),
78/4 (තිරිමාන්න 12.3)