සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර විශාඛාපට්නම්හි පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 215ක් රැස්කළේය.
උපුල් තරංග ලකුණු 95ක් හා සදීර සමරවික්රම ලකුණු 42ක් රැස්කළේය. ශ්රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලකුණු 136දී දැවි ගිය අතර අනෙක් කඩුු අට ලකුණු 79ක් තුළ දැවී ගියේය.