සත්කාරක ඉන්දීය කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර මොහාලි හි පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා නැවතත් පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහෝත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට ඉන්දියාවේදී ක්‍රිකට් තරගාවලියක ජයග්‍රහණයක් හිමිකර ගැනීට අවස්ථාව තිබේ.
ශ්‍රී ලංකාව මෙම තරගයට වෙනසකින් තොරව අවතීර්ණ වී තිබේ. ඉන්දියාව වොෂින්ටන් සුන්දර්ට අවස්ථාවක් දී ඇත. තමිල්නාඩුව නියෝජනය කරන වොෂින්ටන් 18 හැවැරිදි තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු ඉන්දියාව වෙනුවෙන් අවම වසයකින් ජාත්‍යන්තර වරම් හිමිකර ගත් ක්‍රීඩකයන් අතර 7 වැනියා ලෙස වාර්තා අතරට එක්විය.