ශ්‍රී ලංකාව ලකුණු 135ට දැවී යයි
- 13 08 2017
- 16:46
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 135කට දැවී ගියේය. පන්දුවාර 37.4කදී ශ්‍රී ලංකා ඉනිම අවසන් විය.
ඉන්දියාව පළමු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 487ක් රැස්කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 352ක් පසුපසින් සිටියි. ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 48ක් රැස්කළේය.
ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදව් කඩුලු 4ක් දවාගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ සඳකැන් හා කුල්දිප් තරගයේ බිඳ වැටුණු කඩුලු 20න් කඩුලු 9ක්ම දවාගත්තේය. ඔවුහු චයිනමන් පන්දු යවන්නෝ වෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
