UPDATE
සංචාරක බංග්ලාදේශය සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 90 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදු විය. ලකුණු 325 ක ජයග්‍රාහී ඉලක්කයක් හමා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් සියළුම දෙනා පන්දුවාර 45.1 කදී දවා ලීමට බංග්ලදේශ පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස තිසර පෙර්රා ලකුණු 55 කට දැවී ගියේය. ලක්ෂාන් සඳකැන් ලකුණු 3 කට හා සුරංග ලක්මාල් ලකුණු 8 කට දැවී ගියේය. මෙය බංග්ලාදේශය ශ්‍රි ලංකාවට එරෙහිව තරග 39 කදී ලැබූ 5 වැනි ජයග්‍රහණය වූ අතර මුලින් පන්දුවට පහර දෙමින් වාර්තා කළ පළමු ජයග්‍රහණය විය. තරගයේ වීරයා සම්මානය තමීම් ඉක්බාල් ට හිමි විය
සංචාරක බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී තිසර පෙරේරා සිය 6 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කලේය. පන්දු 28 ක් තුළදී වාර්තා වූ ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහර 4 ක් හා හයේ පහර 2 ක් ඇතුලත් විය. ඔහු එක්දින අර්ධ ශතකයක් වාර්තා කලේ වසර දෙකහමාරකට පසුව වීම විශේෂත්වයකි.
සංචාරක බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ පිළීතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව පන්දුවාර 40 ක් තුලදී කඩුළු 7 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටියි. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින තිසර පෙරේරා ලකුණු 29 ක්ද සුරංග ලක්මාල් ලකුණු 7 ක්ද රැස් කරගෙන සිටියි.
ලබා සිටියි.
දැවී ගිය ක්‍රීඩකයින්
ධනුෂ්ක ගුණතිලක - 0
කුසල් මෙන්ඩිස් - 4
උපුල් තරංග - 19
අසේල ගුණරත්න - 24
දිනේෂ් චන්දිමාල් - 59
මිලින්ද සිරිවර්ධන - 22
සචිත් පතිරණ - 31
සංචාරක බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී දිනේෂ් චන්දිමාල් සිය එක්දින දිවියේ 50 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. පන්දු 62 කදී වාර්තා වූ ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහර 4 ක් ඇතුලත් විය. නොදැවී පන්දුවට පහර දෙන මිලින්ද සිරිවර්ධන ලකුණු 5 ක් ලබා සිටියි.
දැවී ගිය ක්‍රීඩකයින්
ධනුෂ්ක ගුණතිලක - 0
කුසල් මෙන්ඩිස් - 4
උපුල් තරංග - 19
අසේල ගුණරත්න - 24
සංචාරක බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ,ලකුණු 325 ක ජයග්රාහි ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුළු 3 කට ලකුණ 72 ක් ලබා සිටියි.නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 28 ක් හා අසේල ගුණරත්න ලකුණු 17 ක් ලබා සිටියි. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුනු 41 ක නොබිඳුනු සබඳතාවක් පවත්වා සිටියි. ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස නායක උපුල් තරංග ලකුණු 19 කට දවා ලීමට තස්කින් අහමඩ් සමත් විය.
දැවී ගිය ක්‍රීඩකයින්
ධනුෂ්ක ගුණතිලක - 0
කුසල් මෙන්ඩිස් - 4
උපුල් තරංග - 19
සංචාරක බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ,ලකුණු 325 ක ජයග්රාහි ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව පන්දුවාර 10 කදී කඩුළු 2 කට ලකුණ 30 ක් ලබා දැඩි අසීරු තත්වයේ පසුවේ. නොදැවී පන්දුවට පහර දෙන නායක උපුල් තරංග ලකුණු 19 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 6 ක් ලබා සිටියි.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමන් ධනුෂ්ක ගුණතිලක හා නායක උපුල් තරංග පිටියට පිවිසියේය. නමුත් ශ්‍රී ලංකා ආරම්භයම එතරම් සාර්ථක නොවන බව පෙන්වමින් පළමු පන්දුවාරයේදීම ධනුෂ්ක ගුණතිලක ලකුණු නොලබා ක්‍රීඩා ගාරයට හරවා යැවීමට මෂ්රෆි මොර්ටාසා සමත් විය.
කෙසේ වෙතත් කුසල් මෙනඩිස් ට ඊයේ තරගයේදීද සාර්ථක වීමට ඉඩ නොලැබුනේ මෙහෙදි හසන් මිරාස් ගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක ෂුවගාටා හෝම් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යාම නිසාය. මෙන්ඩිස් පන්දු 17 ක් වැය කරමන් රැස් කලේ ලකුනු 4 ක් පමණි.
පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පන්දුවාර 50 අවසානයේදී කඩුළු 5 කට ලකුණු 324 ක් රැස් කළහ.
ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 5 ක් දැවී ලකුණු 324 ක් ලබා ගැනීමට සමත් විය. අවසන් පන්දුවාර කිහිපයේදී බංග්ලාදේශය ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය මොසඩක් හුසේන් පන්දු 9 කදී ලකුණු 24 ක්ද මහ්මුදුල්ලා පන්දු 6 කදී ලකුණු 11 ක්ද වාර්තා කිරීමට සමත් වූහ.බංග්ලාදේශ ඉනිමේ නියමුවා වූ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් පන්දු 142 කදී ලකුණු 127 ක් වාර්තා කළ අතර සකිබ් අල් හසන් පන්දු 71 කදී ලකුණු 72 ක් වාර්තා කිරීමට සමත් විය. මෙය බංග්ලාදේශය එක්දින තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ ඉහළම ලකුනු සංඛ්‍යාව වන අතර මීට පෙර ඔවුන් එම වාර්තාවට 2006 වර්ෂයේදී පිහිටුවූයේ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 265 ක් වාර්තා කරමනි. එමෙන්ම මෙය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ශ්රිී ලංකාවට එරෙහිව විදෙස් කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
දැවී ගිය ක්‍රීඩකයින්
සෞම්‍යා සර්කාර් - 10
සබීර් රෙහෙමාන් -54
මුෂ්ෆිකර රහීම් - 01
සකිබ් අල් හසන් - 72
තමීම් ඉක්බාල් -127
ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේදී බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් සිය එක්දින දිවියේ 9 වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය.පන්දු 127 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හතරේ පහර 12 ක් අන්තර්ගත විය.මේ වන බංග්ලාදේශය කඩුළු 3 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටියි. නොදැවී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙන සකිබ් අල් හසන් ලකුණු 47 ක් වාර්තා කරගෙන සිටියි
දැවී ගිය ක්‍රීඩකයින්
සෞම්‍යා සර්කාර් - 10
සබීර් රෙහෙමාන් -54
මුෂ්ෆිකර රහීම් - 01
ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම සිය ලකුණු පුවරුව ලකුණු 200 සීමාව කරා රැගෙන යාමට සමත් විය. පන්දුවාර 36.3 කදී වාර්තා වූ මෙම ලකුණු සංඛ්‍යාව මිනිත්තු 161 කදී පන්දු 219 ක් තුළ වාර්තා විය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින තමීම් ඉක්බාල් ලකුණු 87 ක්ද සකිබ් අල් හසන් ලකුණු 30 ක්ද වාර්තා කරගෙන සිටියි. ඔවුන් දෛදෙනා සිව්වැනි කඩු්ලල වෙනුවෙන් ලකුණු 83 ක සබඳතාවක් පවත්වාගෙන සිටියි. තමීම් මෙහිදි සිය දිවියේ 23 වැනි අර්ධ ශතකය වාර්තා කලේය.
දැවී ගිය ක්‍රීඩකයින්
ිසෞම්යා සර්කාර් - 10
සබීර් රෙහෙමාන් -54
මුෂ්ෆිකර රහීම් - 01
සත්කාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේ පන්දුවාර 25 ක් නිමා වන විට පළමුව පන්දුවට පහර දෙන බංග්ලාදේශය කඩුළු 3 ක් දැවී ලකුණ 131 ක් ලබා සිටිය හ. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින තමීම් ඉක්බාල් ලකුණු 45 ක්ද සකිබ් අල් හසන් ලකුණු 4 ක්ද ලබා සිටියි. බංග්ලාදේශ ඉනිමේ දෙවැනි කඩු්ල්ල ලෙස ලකුණු 54 ක් ලබා සිටි සබීර් රෙහෙමාන් දවා ලීමට අසේල ගුණරත්න සමත් වූ අතර ඉන් පසු පිටයට පැමිණි මුෂ්ෆිකර් රහීම්ද එක් ලකුණක් ලබා සිටියදී ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. සබීර් මෙහිදි වාර්තා කලේ සිය එක්දින දිවියේ 4 වැනි අර්ධ ශතකයයි
ශ්‍රී ංලකාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දෙන බංග්ලාදශෙය ලකුණු 100 සිමාව ඉක්මවා යාමට මීට සුළු මොහාතකට ප්‍රථම සමත් විය. පන්දුවාර 18.1 කදී එක් කඩුල්ලක් දැවී ඔවුන්ගේ ශතක ලකුණු පුවරුව වාර්තා වූ අතර නොදැවී පන්දුවට පහර දෙමින් සිටින සබීර් රෙහෙමාන් ලකුණු 44 ක් හා තමීම් ඉක්බාල් ලකුණු 38 ක් ලබා සිටියි.මීට අමතරව සෞම්‍යා සර්කාර් ලකුණු 10 කට දැවී ගියේය.
ශ්‍රී ලංකාව සමගින් පැවැත්ෙවන පළමු ඒක්දින තරගෙය්දී පළමුව පන්දුවට පහර ෙදන බංග්ලාෙද්ශය මීට සුළු ෙමාෙහාතකට ෙපර සිය ලකුණු 50 සීමාව පසුකඒ යාමට සමත් විය. ඒ් පනදුවාර ඒක් කඩුල්ලක් දැවී ය. තමීමී ඉන්බාල් සමගින් ෙසෟම්‍ය සර්කාර් බංග්ලාෙද්ශ ඉනිම අාරම්භ කළ අතර මුළු ලකුණු සංඛ්‍යාව 29 දී ෙසෟම්‍ය සර්කාර් සුරංග ලක්මාල් ෙග් පන්දුවක් හමුෙව් දැවී ගිෙය් දිෙන්ෂ් චන්දිමාල්ෙග් පන්දුවක් හමුෙව්දීය. ෙනාදැවී පන්දුවෙට පහර ෙදමින් සිටින තමීම් ඉක්බාල් ලකුණු 19 ක්ද සබීර් ෙරෙහමාන් ලකුණු 16 ක්ද රැස් කරෙගන සිටියි.
සංචාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගායේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව මීට සුළු මොහොතකට පෙර පළමුව පන්දුරැකීමට තීරරණය කලේය. තරගය දඹුල්ල රංගිරිි දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. බංල්ලාදේශය වෙනුවෙන් -මෙහෙදි හසන් මෙරේස් මෙහිදී එක්දින වරම් දිනා ගත්තේය
තරගයට සහභාගි වන ශ්‍රී ලංක කණ්ඩායම -දනුෂ්ක ගුණතිලක,උපුල් තරංග,කුසල් මෙන්ඩිස්,දිනේෂ් චන්දිමාල්,අසේළ ගුණරත්න,සචිත් පතිරණ,තිසර පෙරේරා,සුරංග ලක්මාල්,ලක්ෂාන් සඳකැන්,මිලින්ද සිරිවර්ධන,ළහිරු කුමාර
බංග්ලාදේශ කණ්ඩායම - තමීමී ඉක්බාල්,සෞම්‍ය සර්කාර්,සබීර් රෙහෙමාන්,මුෂ්ෆිකර් රහීම්,සකිබ් අල් හසන්, මහමුදුල්ලා,මොසඩක් හුසේන්, මෙහෙදි හසන් මිරාස්, මෂ්රෆි මොර්ටාසා,තස්කින් අහමඩ්,මුෂ්ටෆිසූර් රෙහෙමාන්
දැවී ගිය ක්‍රීඩකයින්
සෞම්‍යා සර්කාර් - 10
සබීර් රෙහෙමාන් -54
මුෂ්ෆිකර රහීම් - 01
දැවී ගිය ක්‍රීඩකයින්
ධනුෂ්ක ගුණතිලක - 0
කුසල් මෙන්ඩිස් - 4
උපුල් තරංග - 19