ශ්රී ලංකාව පළමු තරගය දිනයි
- 6 05 2014
- 22:26
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
අජන්ත මෙන්ඩිස්ගේ නුවන් කුලසේකරගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අයර්ලන්තයේ ක්ලොන්ටාර්ෆ් ක්රිකට් ක්රීඩාංගණයේ අද (06දා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 79 පහසු ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 39.5 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 140ක් පමණි.
අයර්ලන්ත ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 219ක් පමණි. තරගයේ වීරයා ලෙස අජන්ත මෙන්ඩිස් සම්මාන ලැබීය.
ශ්රී ලංකාව 219/8 (පන්දුවාර 50 )
නුවන් කුලසේකර 42* (පන්දු 34, 4x3, 6x2)
දිනේෂ් චන්දිමාල් 39 (පන්දු 61, 4x3)
අශාන් ප්රියන්ජන් 31 (පන්දු 44, 4x4)
ඇන්ජලෝ මැතිව්ස් 30 (පන්දු 53, 4x4)
ටිම් මුර්ටා 21/2 (පන්දුවාර 10)
ජෝජ් ඩොක්රෙල් 45/1 (පන්දුවාර 10)
අයර්ලන්තය 140/10 (පන්දුවාර 39.5)
විලියම් පොටර්ෆීල්ඩ් 37 (පන්දු 87, 4x5)
නීල් ඔ'බ්රයන් 33 (පන්දු 39, 4x5)
අජන්ත මෙන්ඩිස් 26/3 (පන්දුවාර 10)
සුරංග ලක්මාල් 29/3 (පන්දුවාර 8)
නුවන් කුලසේකර 30/2 (පන්දුවාර 8)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

