සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායමට අතර නවදිල්ලි නුවර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ ලකුණු 410ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනයට තරගය නිමා කරන විට ශ්රී ලංකාව කඩුලු තුනකට ලකුණු 31ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක සිටියේය.
ඒ අනුව තරගයේ ජයග්රහණය සඳහා තවත් කඩුලු 7ක් ඇතුළත ශ්රී ලංකාව ලකුණු 379ක් රැස්කළ යුතු වෙයි. දිමුත් කරුණාරත්න 13, සදීර සමරවික්රම 5, සුරංග ලක්මාල් 0 දැවී ගිය ක්රීඩකයෝ වෙති. ජඩේජා කඩුලු දෙකක් හා සාමි එක් කඩුල්ලක් දවා ගත්තේය.