සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි20 තරගයේ සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම දිවා ආහාරයට තරගය නිමා කරනවිට කඩුලු 4ට ලකුණු 82ක් රැස්කරගෙන සිටිය.
ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 270ක් රැස්කළ යුතු වෙයි. ඇන්ජලෝ මැතිව්ස් 17* හා දිනේෂ් චන්දිමාල් 26* නොදැවී පිටියේ රැදී සිටිති.
ඊයේ දිනයේදී ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 19/1ක් ලෙස නිමා කළ අතර අද දිනයේදී ලකුණු 63ක් තුළ ශ්රී ලංකාවේ කඩුලු 3ක් දැවී ගියේය.
ශ්රී ලංකා පළමු ඉනිම ඊයේ දිනයේදී ලකුණු 135ටක සීමා විය. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 487ක් රැස්කළේය.