ඉන්දීය තුන්ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ඉරිදා (අගෝස්තු 13දා) උදය වරුවේදී එල්ල කළ ප්‍රහාරාත්මක පිතිහරඹය හා ඔහුගේ මංගල ටෙස්ට් ශතකය හේතුවෙන් පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී සත්කාරකයන් පහළින් පහළටම ගමන් කළේය.
තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ආරම්භ කරන විට ඉන්දීය කණ්ඩායම් නාසය දෙසටම ඇඟිල්ල දිගු වී තිබුණි. ඒ තරගාවලියේ අවසන් තරගයේ ප්‍රතිඵලය පිළිබඳව බොහෝ දෙනෙකු අවධානය යොමුකර තිබෙන හෙයිනි. ඒක පාර්ශ්විය ජයක් සොයා කණ්ඩායම තරග කරයි. නමුත් පාණ්ඩ්‍යා මේ සියල්ලට පිළිතුරු දුන්නේ විශිෂ්ඨ ලකුණු 108කිනි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ඊයේ කඩලු 6කට ලකුණු 329ක් ලෙස සටහන්ව තිබූණු ඉනිම අද දිනයේදී නිමා කිමාකළේ සියලු දෙනා දැවී ලකුණු 487ක් ලෙසිනි. කෙසේ වෙතත් එය මෙවර තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ අවම ලකුණු සංඛ්‍යාවද විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම එය තවත් විසඳිය නොහැකි ගැටලුවක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමෙන් පසුව තෙවැනි පන්දුවාරයේදී උපුල් තරංග දැවී ගියේ මොහොමඩ් සාමි යොමුකළ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක රිද්දිමාන් සහා වෙත උඩපන්දුවක් ලබාදෙමිනි.ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ මානසික මට්ටම පරාජයක් බවට පත්වන අයුරු දිස්විය. පාණ්ඩ්‍යාගේ වේගවත් ශතකය ශ්‍රි ලංකාවට දැඩි බලපෑමක් එල්ල කළ සිදුවීමක් බවට පත්ව තිබුණි. පන්දුවාර 37.4කදී ශ්‍රී ලංකා කණඩායම ලකුණු 135කට දැවී යෑමට මේ සියල්ලම බලපෑවේය. එහිදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 135ට සීමාවිය. චයිනමන් පන්දු යවන කුල්දීප් යාදව් ලකුණු 40ට කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය.
පල්ලෙකැලේ පිටියේ විකට්ටුව දෙස බලන විට මේ ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට කිසිසේතම ප්‍රමාණවත් නොවේ. ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ ලකුණු 352ක් පසුපසින් සිටිමිනි. විරාත් කෝලි නැවත වරක් පිට පිටම දෙවැනි අවස්ථාවටත් ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත ඉනිම ආරම්භ කිරීම ආරාධනා කළේ තෙවැනි ටෙස්ට් තරගයේ ප්රථිඵලයත් ඉතාමත් ඉක්මනින් ලබාගැනීමේ අපෙක්ෂාවෙන් විය යුතුය.
ඒ අනුව එක් දිනක් තුළ අවස්ථා දෙකකදී ආරම්භක පිතිකරුඋපුල් තරංග දවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට එම කෙටි වේලාවද ප්‍රමාණවත් විය. ඒ අනුව පැය තුනහමාරක කාලයක් තුළ උපුල් අවස්ථා දෙකකදී දැවී ගියේය.. උමේෂ් යාදව් යොමුකළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් තරංග පිටියෙන් ඉවත්විය. ඒ අනුව තරගය නිමා වීම සඳහා තවත් දින තුනක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවැනි දිනය නිමාකළේ දෙවැනි ඉනිම ලකුණු 19/1ත ලෙසිනි. ඒ අනුව ඉනිමක පරාජයෙන් හෝ බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ යුතු ලකුණු සංඛ්‍යාව 333කි. එසේම තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය 3-0ක් ලෙස ලබාගැනීම වැළැක්වීම හුදෙක්ම ආශ්චර්යයක් බවටත් පත්ව තිබේ.
මෙම තරගාවලියේදී අවස්ථා කිහිපයකදී කෝලි තරුණ ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පිළිබඳව සිය විශ්වාසය තැබීය. එයට තවත් එක් සාධාරණයක් ඉටුකළ පාණ්ඩ්‍යා පල්ලෙකැලේ පිටියේදී ඉන්දීය පළමු ඉනිම වර්ණවත් කළේය. දෙවැනි දිනයට තරගය ආරම්භ කළ 9 වැනි පන්දුවේදී ඔහුගේ සහායක ක්‍රීඩක සහා දැවී ගිය අතර ඔවුන් දෙදෙනාට එහිදි රැස්කළ හැකිවූයේ ලකුණු 10ක් පමණි. විශ්ව ප්‍රනාන්දු හා ළහිරු කුමාර නව පන්දුව ලබාගැනීමෙන් පසුව විය හැකි අනතුරද ඔහු දැනගත්තේය.
ඒ අනුව පාණ්ඩ්‍යා සිය ප්‍රහාරාත්මක පිතිකරණය ආරම්භ කළේය. ඔහු ළහිරුගේ පන්දුවක් මගින් එම ගමන ආරම්භ කළ අතර ඒ සඳහා අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක සබඳතාවක් පැවැත්වීමට පාණ්ඩ්‍යාට මනා සහයෝගයක් කුල්දීප් ලබාදුන්නේය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 400 සීමාවට පිවිසියේ ශ්‍රී ලංකාව ගැටලුවකට පත්කරමිනි.
චයිනමන් පන්දු යවන්නන් දෙදෙනෙකු අතර තරගයක් ගෙස සඳකැන් හා කුල්දීප් අතර පැවැති සටන හැඳින්විය හැකිය. එහිදී කුල්දීප්ගේ ඉනිම අවසන් කිරීමට සඳකැන් සමත්වයේ ද්වන්ධ සටන ජයගනිමිනි. පසුව ඔහු මොහොමඩ් සාමිද දවාගැනීමට සමත්වූයේ ඉන්දිය ලකුණු පුවරුව 421/9ක් ලෙස පත්කරමිනි. මේ අතර පන්දු 61කදී සිය දෙවැනි අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට පාණ්ඩ්‍යා සමත්විය.
ඉන්දීය අවසන් පිතිකරුවා ලෙස උමේෂ් යාදව් පිටියට පිවිසියේය. මේ වන විට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සිය දඟ පන්දු යවන්නන් සේවයේ යොදවමින් සිටියේය. මෙහිදී මලින්ද පුෂ්පකුමාර සිය 23 වැනි පන්දුවාරය යොමුකිරීම ආරමභ කළේය. එහිදී ඔහු පාණ්ඩ්‍යාගේ ප්‍රභල ප්‍රහාරයකට ලක්වූ අතර එයිදි ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 26කි. එය ඉන්දීය ටෙස්ට් පිතිකරුවෙකු එක් පන්දුවාරයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය. එම කුණාටුවත් සමගින් පාණ්ඩ්‍යා සිය ලකුණු සංඛ්‍යාව 80 සීමාව කරා රැගෙන ආවේය.
උමේෂ් කෙමෙන් සිය ඉනිම ක්‍රීඩා කරන විට සඳකැන් හා මලින්ද දැඩ ප්‍රහාරයකට ලක්කළ පාණ්ඩ්‍යා සිය මංගල ටෙස්ට් ශතකය පන්දු 81කින්සම්පූර්ණ කිරීමට සමත්විය. ඔහුගේ දෙවැනි අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 25කිනි. එහිදී හයේ පහර හයක් හා එක් හතරේ පහරක් වාර්තා විය. මෙම ශතකයට පෙර පාණ්ඩ්‍යා පළමු පෙළ තරගවලදී ශතකයක් ලබාගෙන නොතිබුණි. අංක අට පිතිකරුවා ලෙස ඔහු දැන් ඉන්දියාවේ වේගවත්ම ශතකය වාර්තා කළ දෙවැනි ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව තිබේ. එසේම ටෙස්ට් තරගයකදී දිවා ආහාරයට පෙර ශතකයක් රැස්කළ පළමු ඉන්දීය පිතිකරු ලෙසත් පාණ්ඩ්‍යා වාර්තා අතරට එක්විය. ඒ අනුව පැය දෙකක් තුළ සියල්ලම වෙනස්විය.
උමේෂ් හා පාණ්ඩ්‍යා අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවක් පැවැත්වීය. දිවා ආහාරයෙන් පසුව යොමුකළ පළමු පන්දුවාරයේදී පාණ්ඩ්‍යා දැවී යන විට උමේෂ් රැස්කර තිබුණේ ලකුණු 3ක් පමණි. පාණ්ඩ්‍යා දවා ගැනීමට සමත්වූ සඳකැන් සිය ටෙස්ට් දිවියේ මංගල කඩුලු පහ දවාගත්තේය.
බොහෝ දෙනෙකු පිටිය දඟ පන්දු යවන්නනට වාසි වන බව පවසන විට පාණ්ඩ්‍යාගේ ඉනිමෙන් ශ්‍රී ලංකාවට තේරුම් ගත යුතු කරුණක් වූයේ මෙය තවමත් පිතිකරුවන්ට උචිත විකට්ටුවක් බවයි. පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවා ගැනීමට මොහොමඩ් සාමි සමත්වූයේය.ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී යාමකට හසුවිය. පාණ්ඩ්‍යා දෙවැනි දිනයේ තම සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන ගියේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා පිටියෙන් ඉවත්කරමිනි. එය ටෙස්ට් ඉනිම 121ක් තුළ ඇන්ජලෝ ලකුණු නොලබා දැවී ගිය දෙවැනි අවස්ථාව විය. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10කදී කඩලු හතරට ලකුණු 38ක් රැස්කරගෙන සිටියේය.
ඉන් අනතුරුව වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් ක්‍රියාත්මක විය. එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි කඩුලු හතර ලබාගත් කුල්දීප් යාදව් ඔහු කෙරෙහි තිබූ බොහෝ අවිනිශ්චිතතා දුරු කළේය. තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැය දෙකක් පමණ ක්‍රීඩා කළ එකම පිතිකරුවා වූයේ දිනේෂ් චන්දිමාල්ය. ඔහු පැය දෙකකට ආසන්න කාලයක් පිටියේ රැඳි සිටින් පන්දු 87කට මුහුණ දුන්නේය. ඔහුගේ ඉනිමද අශ්වින් අවසන් කළේය. මෙහිදී දික්වැල්ල පන්දු 31ක මුහුණදුන් අතර ඔහු චන්දිමාල්ට පසුව වැඩි වේලාවක් පිටියේ රැඳී සිටි පිතිකරුවා විය. වෙනත් කිසිවෙකුට කඩුල්ලේ විනාඩි 50කට අධික කාලයක් වැය කිරිමට නොහැකිවිය. මේ සියල්ලක්ම ඉන්දියාවට පහසු විය.