සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර නව දිල්ලි නුවර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම තෙවැනි දිනයට තරගය නිමා කරන විට 356/9ක් ලෙස ලකුණු රැස්කරගෙන සිටියේය.
නායක දිනේෂ් චන්දිමාල් 147* හා ලක්ෂාන් සඳකැන් 0* පිටියේ රැඳී සිටිති. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 536/7ක් ලෙස සිය ඉනිම අත්හිටුවීම . ඒ අනුව තවත් කඩුල්ලක් ඇතැතිව ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 180ක් පසුපසින් සිටියි. රොෂේන් සිල්වා හා නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී යෑම ශ්රී ලංකා කණ්ඩායමට දැඩි බලපෑමක් ඇති කළේය.
මැතිවස් ශතකයක් රැස්කළ අතර සදීර සමරවික්රම ලකුණු 33ක් රැස්කළේය. සාමි, ඉෂාන්ත්, ජඩේජා කඩුලු දෙක බැගින්ද අශ්වින් කඩුලු තුනක්ද දවාගත්හ.