සදීර සමරවික්රමගේ සාර්ථක ආරම්භයත්, තිලක්ෂ සුමනසිරිගේ අනගි සහයත් හේතුවෙන් එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලකින් පරාජය කර 19 පහළ ලෝක කුසලාන ක්රිකට් මුහුණදුන් දෙවැනි තරගයෙන් තියුණු ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. තරගය අද (16දා) ඩුබායිහිදී පැවැත්විණි. මෙම ජයත් සමගින් ශ්රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයටද සුදුසුකම් ලබා ගත්තේය.
ලකුණු 231 ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම තරගයේ 48.5 වැනි පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.
ශ්රී ලංකා නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 230/9 රුස්කිරීමට සමත්විය.
එංගලන්තය 230/9 (පන්දුවාර 50)
ජොනතන් ටැටර්සල් 95 (පන්දු 120, 4x3, 6x2)
විල් රොහඩස් 38 (පන්දු 66, 4x2)
හැරි ෆින්ච් 24 (පන්දු 30, 4x4)
ශ්රී ලංකාව පන්දු යැවීම
අනුක් ප්රනාන්දු 49/3 (පන්දුවාර 10)
හර්ෂ රාජපක්ෂ 35/2 (පන්දුවාර 10)
බිනුර ප්රනාන්දු 61/2 (පන්දුවාර 10)
ශ්රී ලංකාව 231/9 (පන්දුවාර 48.5)
සදීර සමරවික්රම 82 (පන්දු 89, 4x10)
තිලක්ෂ සුමනසිරි 43 (පන්දු 42, 4x4, 6x1)
ප්රියමාල් පෙරේරා 22 (පන්දු 42, 4x)
එංගලන්තය පන්දු යැවීම
රොබ් සේයර් 33/2 (පන්දුවාර 10)
විල් රොහඩ්ස් 45/2 (පන්දුවාර 9.5)