ලෝක විස්සයි- 20 අනුශූර ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම, වත්මන් අංක එකේ විස්සයි - 20 කණ්ඩායම සත්කාරක බිමේදී දෙවැනි වතාවටද පරාජය කිරීමට තිබූ දෙවැනි අවස්ථාවද බංග්ලාදේශ කණ්ඩායමෙන් අද (14දා) ගිලිහී ගියේය.
අවසන් පන්දුව තෙක් දිග හැරුණු දෙවැනි හා අවසන් විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු තුනක තියුණු ජයක් හිමිවිය. ඒ අනුව තරග 2-0 ලෙස තරගාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලකුණු 9 ඉලක්කයක් හිමිවූ අතර, අවසන් පන්දුවේදී ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් අවශ්‍යවිය. එම පන්දුවට හතරේ පහරක් එල්ල කළ සචිත්ර සේනානායක ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජය හිමිකර දුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 121 ඉලක්කයට පිළිතුරු ලෙස ලකුණු 123 රැස්කිරීමට සමත්විය.
කුසල් ජනිත් සමගින් තිලකරත්න ඩිල්ශාන් ඉනිම ආරම්භ කළ අතර, රිවර්ස් සිප් පහරක් එල්ල කිරීමට යාමෙන් වේගයෙන් ලකුණු රැස්කරමින් සිටි කුසල් (21) මුලු ලකුණු 23දී දැවීගියේය. තවත් ලකුණු 2ක් ශ්‍රී ලංකා ඉනිමට එක්වන විට ඩිල්ශාන් දවාගැනීමට අර්ෆාට් සනී සමත්විය. ලකුණු 3ක් රැස්කරගෙන සිටි ඩිල්ෂාන් පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමේන් දැවීගියේය. අනවශ්‍ය මොහොතේදී රිවර්ස් සිප් පහරක් එල්ල කළ දිනේෂ් චන්දිමාල් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව ලකුණු 3කට දැවී ගියේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටුණු අතර, චන්දිමාගෙන් අනතුරුව පිටියට එක් වූ ඇන්ජලෝ පෙරේරා (4), ඇන්ජලෝ මැතිව්ස් (2), ණුවන් කුලසේකර (2) පිතිකරුවෝ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීගියහ. සිය අන්තය රැකගත් කුමාර් සංගක්කාර, හයවැනි කඩුල්ල ලෙස පිටියට එක්වූ තිසර පෙරේරා සමගින් එක්ව ශ්‍රී ලංකා ඉනිම 96 දක්වා රැගෙන ඒමට සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ දොරටු විවෘත කළ සංගක්කාර ලකුණු 37 රැස්කරගන සිටියදී බිඳවැටුණු අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය. තරගයේ වීරයා ලෙස තිසර පෙරේරා සම්මාන ලැබූ අතර, තරගාවලියේ වීරයා ලෙස ණුවන් කුලසේකර සම්මාන ලැබීය.
කාසිය වාසිය දිනූ බංග්ලාදේශ නායක මශ්රාෆි මොර්ටාසා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් පන්දුවාර 19.5 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 120 රැස්කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා ඉනිමේ පන්දු යැවීම ආරම්භ කළ තිලකරත්න ඩිල්ශාන් පස්වැනි පන්දුවේදී එක් ලකුණක් රැස්කරගන සිටි ශම්සුර් රෙහමාන්ගේ ඉනිම අවසන් කිරීමට සමත්විය. රෙහෙමාන්, චන්දිමාල් අතට උඩ පන්දුවක් ලබාදීමෙන් දැවීගිය අතර, ලකුණු 2ක් රැස්කරගන සිටි තමීම්, කුලසේකරගේ පන්දුවක් හමුවේ අජන්ත මෙන්ඩිස්ගේ අතට උඩපන්දුවක් ලබාදී දැවී ගියේය.
එම දැවීයාම් දෙක කණ්ඩායමට කිසිදු පීඩනයක් නොවූ බව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අගවමින් ක්‍රියාත්මකවූ ශකීබ් අල් හසන් හා අනාමුල් හක් පන්දු 12ක් තුලදී බංග්ලාදේශ ඉනිම 35 දක්වා රැගෙන ඒමට සමත්විය. එම සබඳතා බිඳ දැමූ සචිත්ර සේනානායක, ණුවන් කුලසේකරගේ අතිවිශිෂ්ඨ උඩ පන්දු රැකීම හමුවේ ලකුණු 12 රැස්කරගෙන සිටි තමීම් ක්‍රීඩාගාරයට හරවා යැවූ අතර, ලකුණු 24 රැස්කරගෙන සිටි අනාමුල් හක් කුසල් ජනිත්ගේ දක්ෂ උඩපන්දු රැකීම හමුවේ දැවී ගියේය. ඉන් අනතුරුව බංග්ලාදේශ ඉනිම කඩාවැටීම ආරම්භවිය.
බංග්ලාදේශය 120/10 (පන්දුවාර 19.5)
සබීර් රෙහමාන් 26 (පන්දු 36, 4x2)
අනාමුල් හක් 24 (පන්දු 17, 4x2, 6x2)
මශ්රෆී මොර්ටාසා 17 (පන්දු 10, 4x4)
ශකීබ් අල් හසන් 12 (පන්දු 6, 4x3)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
ලසිත් මාලිංග 20/3 (පන්දුවාර 3.5)
සචිත්ර සේනානායක 11/2 (පන්දුවාර 4)
නුවන් කුලසේකර 32/2 (පන්දුවාර 2)
ශ්‍රී ලංකාව 123/7 (පන්දුවාර 20)
තිසර පෙරේරා 35* (පන්දු 28, 4x3)
කුමාර් සංගක්කාර 37 (පන්දු 38, 4x1, 6x1)
කුසල් ජනිත් 21 (පන්දු 18, 4x3, 6x1)
සචිත්ර සේනානායක 12* (පන්දු 9, 4x1)
බංග්ලාදේශ පන්දු යැවීම
මශ්රෆී මොර්ටාසා 29/2 (පන්දුවාර 4)
ශකීබ් අල් හසන් 8/1 (පන්දුවාර 2)
මහමුදුල්ලා 16/1 (පන්දුවාර 4)