ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට සුදුසු නෑ
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා කළ ආකාරය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසු නැතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (26දා) රාත්රියේදී පැවසීය.
නවදිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවති මාධ්‍ය හමුවේදී මැතිව්ස් මේ බව පැවැසීය.
“අපි ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කළ විලාශය ගත්තොත් අපි අවසන් පූර්ව තරගයට සුදුසු නෑ. කිසිම දේකට නිදහසට කරුණු කියන්න බෑ. අපේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළේ නෑ, ඒකයි අපි පරාජය වුණේ. තරගයේදී අපේ සැලැස්ම වෙලා තිබුණේ පළමු ඕවර හයේදී හොඳින් ලකුණු රැස්කරගෙන කඩුලු දෙකකට වගේ තියාගන්න.
නමුත් අවාසනාවකට කඩුලු හතරක් දැවී ගියා. එතනින් එහාට අපිට ටිකක් අමාරු වුණා. ඒත් තරගය ජයග්‍රහණය කරන්න තිබුණා.අවසන් ඕවර දෙකේදී ඔවුන් හොඳින් පන්දු රැක්කා. මම හිතන්නේ දසුන් ශානකගේ උඩ පන්දුවත් සමඟ උඩපන්දු දෙකක් තරගය අනෙක් පැත්ත හැරෙව්වා”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
