ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර චිතගොන්හිදී අද (04 දා) ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කරමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම පළමු දිනයට තරගය නිමාවන විට කඩුලු 5 ක් දැවී ලකුණු 314 රැස්කරගෙන සිටියේය. නොදැවී කඩුල්ලේ රැඳී සිටින කුමාර් සංගක්කාර ලකුණු 160 රැස්කරගෙන සිටියි.
අද දිනයේ අවසන් කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 5ක් රැස්කරගෙන සිටියදී ශකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදී දැවී ගියේය. ඉන් අනතුරුව පිටියට එක්වූ කිත්රුවන් විතානගේ කිසිදු ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියි.
කාසිය වාසිය දිනූ ශ්රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තිරණය කළේය. ඒ අනුව දිමුත් කරුණාරත්න සමගින් කෞෂාල් සිල්වා ශ්රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ශ්රී ලංකාව ලකුණු 49 රැස්කරද්දී ඔවුන් දෙදෙනාම ක්රීඩාගාරයට හරවා යැවීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ. ඉන් අනතුරුව පිටියට එක්වූ මහේල, සංගක්කාර සමගින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 178 සබඳතාවක් ගොඩනැගීමට සමත්විය. සිය 46 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කළ මහේල ලකුණු 72 රැස්කරගන සිටියදී මහමදුල්ලාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. සිවුවැනි කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ලකුණු 27 කට දැවී ගියේය.
ශ්රී ලංකාව 314/5 (පන්දුවාර 92)
කුමාර් සංගක්කාර නොදැවී 160 (පන්දු 245, 4x19, 6x3)
මහේල ජයවර්ධන 72 (පන්දු147, 4x6)
දිමුත් කරුණාරත්න 31 (පන්දු 61, 4x4)
දිනේෂ් චන්දිමාල් 27 (පන්දු 38, 4x2, 6x1)
කෞෂාල් සිල්වා 11 (පන්දු 46)
ඇන්ජලෝ මැතිව්ස් 5 (පන්දු 12, 4x1)
බංග්ලාදේශය පන්දු යැවීම
ශකීබ් අල් හසන් 70/2 (පන්දුවාර 15)
අල් අමීන් හුසේන් 56/1 (පන්දුවාර 19)
සොහැග් ගාසි 98 /1 (පන්දුවාර 30)
මහමුදුල්ලා 70/1 (පන්දුවාර 22)